Thursday, May 14, 2015

Lesson 07


ඉතින් යාලුවනේ කොහොමද ඔන්න අද මම කියල දෙන්න යන්නේ අපිට java වල තවත් ගොඩාක් වැදගත් දේවල් ටිකක්  ඒ තමයි java වල Loops.

අපිට java වල loops ගත්තහම වර්ග කීපයල් තියනවා අපි එහෙනම් බලමු ඒ මොනවද කියලා.


  •     while Loop 
  •     do...while Loop 
  •     for Loop
  •     foreach loop (enhanced for loop)
  
 එහෙනම් ඉතින් වැඩ පටාන් ගමු කස්ටියත් එක්ක.
අපි මුලින් ම බලමු එහෙනම් while Loop  එක ගැන,

මේකෙදි වෙන්නේ අපිට ඕනේ task එකක් කිසියම් වාරගානක් repeat කරන එකයි.

බලන්නකෝ syntax එක එහෙනම් ,



while(Boolean_expression)

{  
 
   //Statements   

}






එහෙනම් ඉතින් කස්ටියත් එක්ක මේක කරලා බලන්නකෝ



public class Test {

    public static void main(String args[]) {
        
        int x = 20;

        while (x <= 30) {
            
            System.out.println("Value of x is : " + x);
            
            x++;
            
        }
        
    }
    
}





ඔයාලට result එක විදියට එන්න ඕනේ මෙන්න මෙහෙම,

Value of x is : 20
Value of x is : 21
Value of x is : 22
Value of x is : 23
Value of x is : 24
Value of x is : 25
Value of x is : 26
Value of x is : 27
Value of x is : 28
Value of x is : 29
Value of x is : 30


මේකෙදි වෙන්නේ අපි while condition එකෙන් චෙච්ක් කරනවා x විශාලයි හෝ සමානයි ද 30 ට කියල 

ඊටපස්සේ කරන්නේ අපි එක print කරන එකයි. ඊටපස්සේ x එකකින් increment කරනවා ඊටපස්සේ x කියන එකක් 30 ට සමාන වෙනකම් loop එක run වෙනවා.


අපි එහෙනම් ඊලගට බලමු  do...while Loop  එක ගැන,

මේකෙදි කරන්නේ while loop එකේ උන වැඩේම තමයි ඒ උනත් මේකේ තියන විශේෂත්වය තමයි do කියන code block එකේ තියන එක ඉස්සල්ලම එක පාරක් run වෙනවා.

බලන්නකෝ එහෙනම් syntax  එක 



do

{
   //Statements

} while(Boolean_expression);



එහෙනම් ඉතින් කස්ටිය මේක කරලා බලන්නකෝ,




public class Test {

    public static void main(String args[]) {
        
        int x = 20;

        do {
            
            System.out.println("Value of x is : " + x);
            
            x++;
            
        } while (x <= 30);
        
    }
    
}




මේකේ result එක එන්නේ ඔයාලට,


Value of x is : 20
Value of x is : 21
Value of x is : 22
Value of x is : 23
Value of x is : 24
Value of x is : 25
Value of x is : 26
Value of x is : 27
Value of x is : 28
Value of x is : 29
Value of x is : 30


එහෙනම් ඉතින් ඊටපස්සේ අපි බලමු for Loop එක ගැන,

බලන්නකෝ එහෙනම් syntax එක එහෙම




for(initialization; Boolean_expression; update)

{

   //Statements

}




එහෙනම් ඉතින් මේක කරලාම බලන්නකෝ,




public class Test {

    public static void main(String args[]) {

        for (int x = 20; x <= 30; x++) {

            System.out.println("Value of x is : " + x);

        }

    }

}



Result එක එන්නේ ,




 
Value of x is : 20
Value of x is : 21
Value of x is : 22
Value of x is : 23
Value of x is : 24
Value of x is : 25
Value of x is : 26
Value of x is : 27
Value of x is : 28
Value of x is : 29
Value of x is : 30

එහෙනම් ඉතින් අපි දැන් බලමු foreach loop (enhanced for loop)  එක ගැන මේක java වලට අලුතෙන් හදුන්වාදීපු  එකක් මේක අවේ java 1.5 සංස්කරණය යටතේ තමයි. මේක අපි ගොඩක් ම use කරන්නේ Arrays වලට තමයි ඔයාලට මේක අපි Arrays කරනකොටත් හම්බවෙනවා එක නිසා බයවෙන්න දෙයක් නෑ. 

බලන්නකෝ එහෙනම් syntax එක 



for(declaration : expression)

{

   //Statements

}



එහෙනම් ඉතින් මේක කරලා බලන්නකෝ,




public class EnhancedForLoop {
    
    public static void main(String[] args) {
        
    int primes[] = { 2, 3, 5, 7, 11, 13, 17, 19, 23, 29};
 
    for (int t: primes) {
        
      System.out.println(t); 
      
    }
    
  }
    
}




result එක එන්නේ,

2
3
5
7
11
13
17
19
23
29
මේකේ තේරුනේ නැත්තම් එච්චර ගනන්ගන්නෙපා අපි ඉස්සරහට Arrays කරනකොට හොදටම තේරෙයි.



ඊටපස්සේ ඔයාලට කියල දෙන්න තවත් පොඩි දෙයක් තියනවා ඒ තමයි අපි loop එකක් use කරනකොට දැනගන්න ඕනේ keywords දෙකක් තියනවා ඒ තමයි break කියන එකකයි continue  කියන එකයි.

අපි මුලින් ම බලමු break කියන keyword එක ගැන එහෙනම්

අපි මේක use කරන්නේ loop එක නවත්තන්න මේ keyword එක use කරහම මුළු loop එකම නවතිනවා.





public class Test {

    public static void main(String args[]) {
        
        int[] numbers = { 10, 20, 30, 40, 50 };

        for (int x : numbers) {
            
            if (x == 40) {
                
                break;
                
            }
            
            System.out.println(x);
            
        }
        
    }
    
}



Result එක එන්නේ 

10
20
30
x == 40 වෙනකොට loop එක break වෙනවා එක තමයි වෙන්නේ
ඊටපස්සේ තියෙන්නේ continue keyword එක අපි බලමු,


මේකෙදි කරන්නේ flow එකේ condition එක true උනහම එක skip කරලා loop එක continue කරන එකයි.




public class Test {

    public static void main(String args[]) {
        
        int[] numbers = { 10, 20, 30, 40, 50 };

        for (int x : numbers) {
            
            if (x == 40) {
                
                continue;
            }
            
            System.out.println(x);
            
        }
        
    }
    
}





Result එක එන්නේ 
10
20
30
50
Condition එක true උනහම එක skip කරලා loop එක continue කරනවා



එහෙනම් ඉතින් අදට මට යන්න වෙලාව හරි එහෙනම් තවත් අලුත් පාඩමක් අරගෙන එනකම් මේ ටික හොදට බලාගන්න මොකද මේ කරන ටික අපි ගොඩාක් ඉස්සරහට use කරනවා. 



එහෙනම් ඉතින් මම  යනවෝ...... හික්  හික් ;) 


මතක ඇතුව කොමෙන්ටුවකුත් දාලම යන්න යාලුවනේ :)









No comments: