ඉතින් යාලුවනේ ඔන්න අදත් මම ඔයාලට අලුත් පෝස්ටුවක් අරගෙන අවා අද මම ඔයාලට කියල දෙන්න යන්නේ java වල තියන operators ගැන පොඩි විස්තරයක්.
Java වල අපිට operators ජාති කිපයක්ම හම්බවෙනවා අපි බලමු ඒ මොනවද කියල එහෙනම්,
- Arithmetic Operators
- Relational Operators
- Bitwise Operators]
- Logical Operators
- Assignment Operators
- Misc Operators
එහෙනම් ඉතින් දැන් හා හා පුරා කියල වැඩේට බහිමු.
මුලින්ම බලමු එහෙනම් මොනවද මේ Arithmetic operators කියන්නේ කියල.
Arithmetic operators කියල කියන්නේ mathematical expressions වලට use කරන operators e කියන්නේ අපි ගණන් හදන්න use කරන operators :D හැමෝම දන්න ඒවා ටිකක් තමයි මේකේ තියෙන්නේ අපි බලමු ඒ මොනවද කියල එහෙනම්.
- Addition
- Subtraction
- Multiplication
- Division
- Modulus
- Increment
- Decrement
Addition මේක ඉතින් හැමෝම දන්නවනේ හික් හික් අපි මේකෙදි කරන්නේ සංඛ්‍යා දෙකක් එකතු කරන එකයි හරියට 2 + 2 = 4 ඔන්න ඔය වගේ සරල දෙයක්.
Subtraction මේක ඉතින් Addition එකේ අනිත් පැත්ත නේ මේකෙදි කරන්නේ සංඛ්‍යා දෙකක් අඩු කරන එක හරියට 5 - 3 = 2 වගේ එකක්.
Multiplication එකත් ඉතින් හැමෝම දන්නවනේ මේකේ කරන්නේ සංඛ්‍යා දෙකක් වැඩි කරනවා එහෙමත් නැත්තම් ගුණ කරන එක හරියට 2 * 5 = 10 වගේ දෙයක්
Division මේක ඉතින් Multiplication එකේ අනිත් පැත්ත මේකෙදි වෙන්නේ එක් සංඛ්‍යාවක් අනෙක් සංඛ්‍යාවෙන් බෙදන එක හරියට 20 / 2 = 10 වගේ දෙයක්
Modulus හ්ම්ම්ම් මේකනම් ටිකක් අලුත් එකක් වගේ නේද ඇත්තටම Modulus කියන එකෙන් කරන්නේ සංඛ්‍යා දෙකක් බෙදල ඉවර උනහම ඉතුරුවෙන Remainder එක කියාද කියන එකයි හරියට 10 / 3 = 3.3
ඒ කියන්නේ 10 % 3 කියන්නේ 1 කියන එකයි 10 ට 3 ගොඩවල් 3ක් තියනවා ඉතුරුවෙනවා එකක් අන්න ඒ එක තමයි remainder එක කියන්නේ එතකොට 10 % 3 = 1
Increment කියන එක ගත්තහම අපිට මේක කොටස් දෙකකට බෙදන්න පුළුවන් ඒ තමයි,
- Pre Increment
- Post Increment
Increment කියන එකේදී වෙන්නේ එකක් එකතුවෙන එකයි මේකේ pre increment එකේදී වෙන්නේ එකක් එකතුවෙලා value එක return කරනවා කියන එකයි. post increment එකේදී වෙන්නේ value එක return කරලා එකක් එකතු කරනවා කියන එකයි.
Decrement කියන එක ගත්තහම අපිට මේක කොටස් දෙකකට බෙදන්න පුළුවන් ඒ තමයි,
- Pre Decrement
- Post Decrement
Decrement කියන එකේදී වෙන්නේ එකක් අඩුවෙන එකයි මේකේ pre Decrement එකේදී වෙන්නේ එකක් අඩුවෙලා value එක return කරනවා කියන එකයි. post Decrement එකේදී වෙන්නේ value එක return කරලා එකක් අඩු කරනවා කියන එකයි. ඉතා සරලයි නේද :D හික් හික් ...
එහෙනම් ඉතින් අපි දැන් මේ කියල දීපුවා හරිද කියල බලන්නත් එපැයි එහෙනම් ඉතින් කස්ටිය notepad එකක් අරගෙන හා හා පුරා කියලා මේ code එක කොටගෙන යන්නකෝ,
public class Operators {
public static void main(String args[]) {
int a = 10;
int b = 25;
int c = 30;
int d = 40;
System.out.println("a + b = " + (a + b) );//addition
System.out.println("a - b = " + (d - b) );//subtraction
System.out.println("a * b = " + (a * b) );//multiplication
System.out.println("b / a = " + (b / a) );//division
System.out.println("b % a = " + (c % b) );//modulus
System.out.println("a++ = " + (a++) );//post increment
System.out.println("b-- = " + (a--) );//post decrement
System.out.println("++d = " + (++d) );//pre increment
System.out.println("--d = " + (--d) );//pre decrement
}
}
save file as Operators.java
compile command : javac Operators.java
run command : java Operators
Result එක එන්නේ,
a + b = 35
a - b = 15
a * b = 250
b / a = 2
b % a = 5
a++ = 10
b-- = 11
++d = 41
--d = 40
ඊටපස්සේ ඉතින් අපි බලමු Relational Operators ගැන පොඩි විස්තරයක්,
Relational Operators ගත්තහම කීපයක් තියනවා අපි බලමු ඒවා මොනවද කියල එහෙනම්,
- Equal
- Not Equal
- Greater Than
- Less Than
- Greater Than Equal
- Less Than Equal
Equal මේකෙන් පුළුවන් අපි define කරපු variable දෙකක් සමානද කියල අපිට බලාගන්න අපි මේකට use කරන්නේ " == " ලකුණ
ඔයාල දන්නවා ඇති programming වල ' = ' sign එකෙන් කියන්නේ assign කරනවා කියන එකයි අපිට Equal ද කියල බලන්න ඕනේ නම් අපි ' = ' sign දෙකක් use කරනවා හරියට
int x = 10;
int y = 10;
System.out.println(x == y);
මේකේ answer එක එන්නේ අපිට Boolean value එකකින්.
Not Equal මේකෙදි අපි check කරන්නේ values දෙක සමාන නැද්ද එහෙමත් නැත්තම් අසමානද කියලයි. sign එක " != ".
Greater Than මේ operator එකේදී වෙන්නේ එක value එකක් අනිත් value එකට වඩා විශාලද කියල check කරලා බලන එකයි. sign එක " >".
Less Than මේ operator එකේදී වෙන්නේ එක value එකක් අනිත් value එකට වඩා කුඩාද කියල check කරලා බලන එකයි. sign එක " < ".
Greater Than Equal මේ operator එකේදී වෙන්නේ එක value එකක් අනිත් value එකට වඩා විශාලයි හෝ සමානද කියල check කරලා බලන එකයි. sign එක " >= ".
Less Than Equal මේ operator එකේදී වෙන්නේ එක value එකක් අනිත් value එකට වඩා කුඩා හෝ සමානද කියල check කරලා බලන එකයි. sign එක " <= ".
එහෙනම් ඉතින් අපි දැන් example එකක් කරලම බලමු කොහොමද කරන්නේ කියල.
public class RelationalOperators {
public static void main(String args[]) {
int a = 30;
int b = 50;
System.out.println("a == b = " + (a == b));// Equal
System.out.println("a != b = " + (a != b));// Not Equal
System.out.println("a > b = " + (a > b));// Greater Than
System.out.println("a < b = " + (a < b));// Less Than
System.out.println("b >= a = " + (b >= a));// Greater Than Equal
System.out.println("b <= a = " + (b <= a));// Less Than Equal
}
}
save file as RelationalOperators.java
compile command : javac RelationalOperators.java
run command : java RelationalOperators
Result එක එන්නේ,
a == b = falsea != b = truea > b = falsea < b = trueb >= a = trueb <= a = false
කස්ටියම එහෙනම් මේ ටික හොදට practice කරන්න මේවා අපිට ඉස්සරහට ගොඩාක් ඕනේ වෙනවා.
මම operators වල ඉතුරු සෙට් එක අයෙත් තවත් පාඩමකින් කියල දෙන්නම් දැන් ඉතින් පොඩි වැඩ වගයක් සෙට් වෙලා යන්න වෙනවා එහෙනම් ඉතින් සෙට් වෙමු අයෙත් තවත් අලුත් පොස්ටුවකුත් අරගෙන.
එහෙනම් ඉතින් හැමෝටම ජයවේවා!!!
මතක ඇතුව කොමෙන්ටුවකුත් දාලම යන්න හොදේ....
No comments:
Post a Comment