Monday, April 6, 2015

Lesson 01


ඔන්න එහෙනම් නමොවිත්තියෙන් පටාන් ගන්න හදන්නේ කස්ටියට JAVA කියල දෙන්න කියල. හැමෝම දන්නවා වගේ Java තමයි අද ලෝකේ වැඩියෙන්ම පැතිරිලා තියෙන්නේ. අද පරිගණකයක් ගත්තත් දුරකතනයක් ගත්තත් යන්ත්‍රයක් ගත්තත් හැම දේම අද Java වලින් තමයි කරලා තියෙන්නේ. එක නිසා මේ language එක ඉගෙනගන්න එක ඔයාල හැම කෙනෙක්ටම ගොඩාක් වැදගත් වෙයි කියල මම හිතනවා.
Java Language එක ගත්තහම මේක ලොකු පරාසයකට පැතිරිලා තියනවා. ගොඩාක් Advanced ඒවත් තියනවා හික් හික්...
මගේ මේ try එක ඔයාලට කොහොමහරි මේ දවසින් දවස වෙනස් වෙන ලෝකේ හැම තැනම ඉතාමත් වේගයෙන් පැතිරිලා යන මේ java ගැන ඔයාලට කියල දෙන්නයි.

හැබැටම දැන් ඔයාල බලනවා ඇති මේ වල් පල් කියවනවා java උගනන්න මෙයා කවුද කියල හික් හික්.....

එහෙනම් ඉතින් කියන්නම් කෝ දැන් මම ගැනත් පොඩි විස්තරයක්
මම කොලඹ විශ්වවිද්‍යාලයේ පරිගණක තාක්ෂණය පිලිබදව උපාදිය හදාරන පොඩි කොල්ලෙක් හික් හික් ... (පොඩිමත් නෑ හොදේ... ) :p
ඒ වගේම  Oracle Certified Java Programmer කෙනෙක් හික් හික්....
ඔයාලටත් ඉතින් මේ වගේ java side එකෙන් ගොඩක් ඉස්සරහට යන්න පුළුවන් කරන්න තියෙන්නේ ඉතින් හොදට java ටික අල්ලගෙන ඉස්සරහට යන්න තමයි.

දැන් ඉතින් ඔය මදැයි ඇදබාපුවා අපි දැන් බහිමු වැඩේට එහෙනම්,

හැබැටම මොකක්ද මේ programming language එකක් කියන්නේ?



"A Programming language is a formal constructed language designed to communicate instructions to a machine particularly a computer programming languages can be used to create programs to control the behavior of a machine or to express algorithms." 


ජනප්‍රිය programming languages කිව්වොත් එහෙම java, c#, c++, Python, c වගේ ඒවා තමයි තවත් ගොඩාක් තියනවා.

Java ගත්තහම මේකේ අපිට keywords 50ක් හම්බවෙනවා ඒ ඔක්කොම simple letters වලින් තමයි තියෙන්නේ මේ keywords 50 එන්නේ java 1.6 සංස්කරණය යටතේ තමයි. මේ 50 ම අපිට ඕනේ නැති වෙයි අපිට වැදගත් වෙන ටික මම ඔයාලට කියල දෙන්නම් කෝ. දැන් අපි බලමු මොනවද ඒ keywords ටික කියල,





java වල තියන විශේෂම දේ තමයි java compiler එකක් වගේම interpreter එකක් විදියටත් වැඩ කරනවා. 
අඩේ මේ මොන හරුපයක් ද, හික් හික්

මෙහෙමයි අපි java file එකක් ලියල මුලින් ම කරන්නේ e file එක compile කරන එක එතකොට අපිට ලැබෙනවා .class file එකක් එහෙමත් නැත්ත්ටම් byte code කියලත් කියනවා මේක ඉතින් අපිට කියවන්න පුළුවන් එකක් නම් නෙමෙයි. කැමති කස්ටිය නොටෙපද් එකක් අරගෙන ඔපෙන් කරලා බලන්නකෝ ජිරිබිරිස් වචන සෙට් එකක් එන්නේ හික් හික් :D 

ඊට පස්සේ ඉතින් කරන්නේ interpret කරන එක මේකෙදි කරන්නේ java byte code එක machine code එකට හරවන එකයි.

java කියන language එක platform independence  ඕනේ platform එකක එළකිරි වගේ වැඩ Ex :- Linux, Windows, Macintosh 


අනිත් දේ තමයි java සම්පුර්ණයෙන්ම Object Oriented මේක ගැන සවිස්තරාත්මකව පස්සේ කරනවා බයවෙන්නෙපා දැන් මේ කියන ඒවා ගැන හික් හික්.


අනිත් දේ තමයි java වල තියන ස්වයංක්‍රිය කුනණුබක්කි පහසුකම(Automatic Garbage Collector) හික් හික් :p මොකක්ද මේ කුනුබක්කි කතාව මේකේ වෙන්නේ අපි පාවිච්චි නොකරන objects වගේ ඒවා ඉවත් කරන එකයි


හික් හික් දැන් ඉතින් අපි බලමු කොහොමද මේ java අපි දාගන්නේ කියල
මුලින් ම කරන්න තියෙන්නේ ඔයාලට මෙන්න මේ ලින්කුවට ගිහින් java JDK(java development kit) එක download කරගන්න එකයි.





ඔය ලින්කුවට ගිහින් java JDK එක download කරගන්න ඔයාලගේ pc එක අනුව 32 bit හරි 64 bit හරි,

ඊටපස්සේ ඉතින් අලුත් දෙයක් නෑ.. අනිත් software දානවා වගේම next next next කරගෙන යන්න තියෙන්නේ.


දැන් ඉතින් වැඩෙන් බාගයක් ඉවරයි දැන් කරන්න තියෙන්නේ path එක සෙට් කරන වැඩේ කරන්න එක කරන්න තියෙන්නේ මෙහෙමයි,


Start >> All Programs >> My Computer >> Right Click >> Properties >> Advance System Setting  >> Environment Variable >> New User Variable

දැන් Variable Name කියන තැන ගහන්න path කියලා
Variable value කියන තැන ගහන්න ඔයාලගේ machine එකේ ජාවා දාගත්ත තැන.ඒ folder එකෙත් ඇතුලට ගිහින් bin කියන එකට තියෙන පාත් එක දෙන්න
මගේ 
ආවෙ මෙහෙම හොදේ..

C:\Program Files\Java\jdk1.8.0\bin


වැඩේ ගොඩ දැන් ඉතින් 
java path එක අපිට e welawata විතරක් සෙට් කරගන්නත් පුළුවන් එක කරන්න ගන්න ඔයාලගේ CMD එක එහෙමත් නැත්තම් command prompt එක එක අරගෙන Set path = "C:\Program Files\Java\jdk1.8.0\bin" කියල දෙන්න වැඩේ ගොඩ නේද දැන් ඉතින් කරන්න තියෙන්නේ cmd එකේ javac කියල ගහල enter ඔබන එක හෙන පල් හෑල්ලක් එනවනම් වැඩේ එළකිරි එකට වෙලා තියනවා

බැරි වෙලාවත් එහෙම අවේ නැත්තම එහෙම මගෙන් comment එකක් දල අහන්නකො මම කියල දෙන්නම් වැඩේ කරන විදිහ :D


දැන් ඉතින් අපි බලමු කොහොමද java develop කරන්නේ කියල මුලින් ම අපිට develop කරන්න ටූල්  එකක් හොයාගන්න ඕනේ tools නම් ඉතින් ඔය ඕනේ තරම් තියෙන්නේ eg :- Netbeans, Eclipse, Jcreator වගේ ඒවා e උනාට ඉතින් මම නම් කියන්නේ ඔයාලට use කරන්න හොදම එක තමයි පටන් ගන්න නිසා notepad ++ මේක ගූගල් කරපු ගමන් එනවා download කරගත්ත කරගෙන යන එකයි තියෙන්නේ 


කස්ටිය දැන් බලාගෙන ඇති මේ කියවනවා කියවනවා code එකක්වත් ලියන්නේ නැද්ද කියල එකට තමයි දැන් මේ ලෑස්ති වෙන්නේ එහෙනම් ඉතින් කස්ටියම notepad එක අරගෙන මේ code කල්ල try කරලා බලන්නකෝ,




public class HelloWorld {

    public static void main(String[] args) {

        System.out.println("Welcome To My First Java Program!");

    }

}




දැන් ඉතින් කරන්න තියෙන්නේ මේ file එක save කරන්න ඕනේ class එකේ නමින් ම ඔයාල කැමති තැනක HelloWorld.java කියල 

දැන් ඉතින් cmd එක අරගෙන ඔයා save කරපු path එකට ගිහින් ගහන්න javac HelloWorld.java කියල 

දැන් program එක compile වේවි ගිහින් බලන්න ඔය save කරපු path එකට .class file එක හැදිලා ඇති

දැන් ඉතින් කරන්න තියෙන්නේ run කරන එකයි එක කරන්නේ,

java HelloWorld  කියල cmd එකේ ගහන්න දැන් ඉතින් එන්න ඕනේ ඔයාලට Welcome To My First Java Program! කියල 


කොහොමද එළකිරි වගේ වැඩ නේද :D හික් හික්...


එහෙනම් ඉතින් දැන් මට යන්න වෙලාව හරි වැඩ ගොඩක් තියනව කරන්න අයෙමත් දවසක අලුත් පාඩමක් අරගෙන එන්නම් යාලුවනේ

ඔයාලට ප්‍රශ්නයක් අවොත් java පිලිබදව මගෙන් අහන්න

අහ්හ් තවත් දෙයක් php ඉගෙනගන්න කැමති අය ඉන්වනම් මගේ php බ්ලොග් පිටුව බලන්න මේ ලින්කුවට ගිහින් 






එහෙනම් ඉතින් මම ගියා හැමෝටම ජය වේවා!!!!














No comments: