හැමෝටම ලැබුවා වූ නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරෙන පැතූ පැතුම් ඉටු වෙන සුබම සුබ නව වසරක් වේවා!!!
ඔන්න ඉතින් මම අදත් මේ අලුත් අවුරුදු දවසේ ඔයාල වෙනුවෙන් තවත් අලුත් java පාඩමක් අරගෙන අවා අද මම ඔයාලට කියල දෙන්න යන්නේ java වල තියන access modifiers ගැන
මොනවද access modifiers කියන්නේ ඔයාලට මේකේ name එකෙන් ම අදහස ගන්න පුළුවන් මේකෙන් කරන්නේ අපි use කරන classes, variables, methods, constructors වගේ ඒවාට තියන access control කරන්න තමයි මේවා use කරන්නේ මේක අයිති වෙන්නේ Encapsulation එහෙමත් නැතිනම් information hiding කියල අපි කියන OOP Concept එකටයි. වැඩි විස්තර OOP කරනකොට කියල දෙන්නම් කෝ ඔයාලට දැනට ඔහොම මතක තියාගන්නකෝ.
ප්‍රධාන වශයෙන් access modifiers වර්ග 4 ක් අපිට හම්බවෙනවා java වල ඒවා තමයි,
- public
- protected
- private
- default
අපි එහෙනම් බලමු මේ එක එක එහෙනම්,
මුලින් මම බලමු අපි public කියන modifier එක ගැන,
ඔයාලට මේකට ගන්න පුළුවන් හොදම උදාහරණය තමයි අපි java වල use කරන main method එක,
public static void main(String args[]){
//more code here
}
මෙතන public කියන access modifier ඒකජ තමයි use කරලා තියෙන්නේ
public modifier එක දානකොට අපි දැනගන්න ඕනේ ඒවා ටිකක් තියනවා එහෙනම් බලාගන්නකෝ,
- Public can apply to top level classes, interfaces, methods, member variables.
- Can be accessed within any class in the same package or any other package
ඊලගට අපිට තියෙන්නේ protected modifier එක මේකේ අපි දැනගන්න ඕනේ දේවල් තමයි මේ තියෙන්නේ,
- Protected can apply only to methods and member variables.
- Can be accessed within any class in the same package.
- Out Side Package classes are not allow. If out side inherited classes will allowed to access.
ඊලගට අපිට තියෙන්නේ private modifier එක මේකේ අපි දැනගන්න ඕනේ දේවල් තමයි මේ තියෙන්නේ,
- Private can apply only to methods and member variables.
- Can be accessed only within same class scope.
ඊලගට අපිට තියෙන්නේ default modifier එක මේකේ අපි දැනගන්න ඕනේ දේවල් තමයි මේ තියෙන්නේ,
- Default can apply only to classes, methods and member variables.
- Can be accessed within any class in the same package.
- Out Side Package classes are not allow.
මේ ටික සේරම මතක තියාගන්න ටිකක් අමාරුයි නේ එක නිසා මෙන්න මේක බලන්න මේක බැලුවම ඔය ඔක්කොම ටික මතක තියාගන්න පුළුවන්,
එහෙනම් ඉතින් මේ ටික කස්ටිය හොදට බලාගන්න මේවා ඉස්සරහට ගොඩක් වැදගත් වෙනවා ඒවගේම Non access modifiers ගැන මම ඔයාලට ඉස්සරහට කියල දෙන්නම් එක දැන් කියල දුන්නට ඔයාලට එක තේරෙන එකක් න එක නිසා අපි තව අලුත් දේවල් ඉගෙනගතට පස්සේ ඒ ටික මම කියල දෙන්නම් ඔයාලට
එහෙනම් ඉතින් හැම කෙනෙක්ටම කරදර ජරමර බරබර වලින් තොර උන සුබම සුබ නව වසරක් වේවා!
ඔයාලට ප්‍රශ්න තියනවනම් අපි මේ කරන දේවල් සම්බන්දව මගෙන් අහන්න ඒවා :)
එහෙනම් ඉතින් අදට යන්න වෙලාව හරි අයෙත් දවසක තවත් අලුත් පාඩමක් අරගෙන එන්නම් යාලුවනේ
යන්න කලින් මතක ඇතුව කොමෙන්ටුවකුත් දාලම යන්න හොදේ....
No comments:
Post a Comment